කුඩ්ඩියාප්පුලම් රජයේ දෙමළ පාසලට පාසල් පොත් බෙදා දීමේ ව්‍යාපාරයක්
4:11pm on Wednesday 10th December 2014
පලාලි ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කඳවුර මගින් පාසල් පොත් බෙදා දීමේ ව්‍යාපාරයක් පසුගිය දෙසැම්බර් මස 03 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ අනුග‍්‍රහයෙන් පවත්වන ලදි. උතුරු අර්ධද්වීපයේ ජනතාව සමග යහපත් සම්බන්ධතාවය හා අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කිරීම උදෙසා මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදී.

කුඩ්ඩියාප්පුලම් රජයේ දෙමළ පාසලේ ඉගෙනුම ලබාගන්නා සිසු සිසුවියන් 391 ක් දෙනෙකු සඳහා මෙලෙස පාසල් පොත් සහ ක‍්‍රිඩා උපකරණ ලබාදීම සිදු කරන ලද අතර පලාලි ගුවන් හමුදා කඳවුරේ සියලුම සේවා පුද්ගලයින් මෙන්ම මෙවන්  වූ උපකාරයන්ට දායකත්වය දක්වන සිවිල් පුද්ගලයන් කිහිප දෙනෙක්ද මෙම අවස්ථාවට දායක විය.

පලාලි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජීඑච්පී නානායක්කාර සහ එම මැතිණිය, නිළධාරීන්, සහ සෙසු නිළයන් මෙම අවස්ථාවට සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි