අන්තර් ඒකක ගෝල්ෆ් තරඟාවළිය 2014
4:23pm on Tuesday 16th December 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ගෝල්ෆ් ශූරතාවය දෙවන වරට පසුගිය දෙසැම්බර් මස 06 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් හෙරිටේජ් ගෝල්ෆ් ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී. චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුර සමස්ථ ශුරතාවයට හිමිකම කියන ලදී.

තරඟ කරුවන් 52 කු තරඟාවළියට සහභාගි වූ අතර සිදුරු 18 ක් එක් රවුමකින් නිමා කිරීමේ තරඟයක් ලෙස තරඟාවළිය පැවතිණි. චීනවරාය ගුවන් හමදා විද්‍යාපීඨ කඳවුර ප‍්‍රසාද ලකුණු 67 ක් ලබා සමස්ථ ශූරතාවය හිමිකර ගනු ලැබූ අතර අනුරාධපුර ගුවන් හමුදා කඳවුර අනු ශූරතාවය දිනා ගන්නා ලදී. මෙවර තරඟාවළිය අන්තර් ඒකක තරඟාවළිය හා සමගාමීව තරඟ ඉසව් තුනක් පවත්වනු ලැබිණි. විවෘත තරඟාවළිය, විවෘත වයස අවු 40 ට වැඩි සහ විවෘ කාන්තා වශයෙන් පවත්වනු ලැබිණි.

ශ‍්‍රි ලංකා ගුවන්  හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල සහ ගුවන් හමුදා ගෝල්ෆ් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේවීබී ජයම්පති ද මෙම අවස්ථාවට සහභාගී විය. ජයසංකේත ප‍්‍රදානය එදින සවස ඊගල්ස් ෙරිටේජ් ගෝල්ෆ් සමාජ ශාලාවේදී පවත්වන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන්, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානිතුමන්, ගුවන් හමුදා ගෝල්ෆ් සංගමයේ සභාපති, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී, ගුවන් හමුදා ගෝල්ෆ් සංගමයේ සභාපති සහ ගෝල්ෆ් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

සමස්ථ ශූරතා සටහන

විවෘත අංශය
ශූරතාවය - නායක ගුවන් භට කුමාර පීඞීඑස්යූ (ප‍්‍ර.ල. 28*
අනු ශූරතාවය - නායක ගුවන් භට බණ්ඩාර එච්එම්ඞීඑස්  (ප‍්‍ර.ල. 23*
තුන්වන ස්ථානය - නායක ගුවන් භට මධුෂංක කේබීඑස් (ප‍්‍ර.ල. 22*

අවු. 40 ට වැඩි අංශය
ශූරතාවය - විංග් කමාන්ඩර් කාලිංඝ මහීපාල (ප‍්‍ර.ල. 16*
අනු ශූරතාවය - ස්කොඞ්රන් ලීඩර් ගාමිනී සුභසිංහ  (ප‍්‍ර.ල. 13*
තුන්වන ස්ථානය - එයාර් කොමඩෝර් සුදර්ශන පතිරන (ප‍්‍ර.ල. 10*

කාන්තා අංශය
ශූරතාවය - නායක ගුවන් කාන්තා පේ‍්‍රමතිලක පීඒසීඞී
අනු ශූරතාවය - නායක ගුවන් කාන්තා වීරබාහු ඩබ්අයිඑම්පී  
තුන්වන ස්ථානය - නායක ගුවන් වික‍්‍රමසිංහ


දිගම පහර - එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය
ආසන්තලම පහර - නායක ගුවන් භට විජේනායක ජීඩබ්ඒජේ

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි