අංක 60 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලවේ සහතික පත් ප‍්‍රදානය
4:26pm on Tuesday 16th December 2014
අංක 60 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය පසුගිය දොසැම්බර් මස 12 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ ගොඩබිම් ආරක්‍ෂක පුහුණු පාසල් ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.  චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ පීඨාධීපති එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අධිකාරී නොලත් නිළධාරියෙකු සතුවිය යුතු නායකත්ව නිපුණතාවයන් වැඩි දියුණු කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ වෙයි. සති 11 ක් පුරාවට විධිමත් පාඨමාලා සැලැස්මකට අනුව පාඨමාලාව සිදුකරනු ලබන අතර රජරට විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව පාඨමාලාවන් සිදු කරනු ලබයි. සහතිකපත් ලාභී අණදොනලත් නිළධාරියෙකු බවට පත්වීමට නම් ඒ සඳහා සපුරාලිය යුතු අවම සුදුසුකම් සපුරාලිය යුතු වේ. අංක 60 අධිකාරී නොලත් නිළධාරී කළමණාකරන පාඨමාලාව ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 44 දෙනෙකුගෙන්ද , කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 42 කුගෙන්ද ශ‍්‍රී ලංකා යුධහමුදා ජ්‍යේෂ්ඨ අදිකාරී නොලත් නිළධාරීන් දෙදෙනෙකුගෙන්ද, නාවික හමුදාවේ ප‍්‍රධාන සුඳු නිළධාරීන් එක් අයෙකුගෙන් හා සුළුනිළධාරීන් එක් අයෙකුගෙන් සමන්විත විය.

26868 සැරයන් පියසේන ඒඑස්පපී (භෞතචිකිත්සක* සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියා වශයෙන්ද 25186 කෝප‍්‍රල් ද සොයිසා ටීඑස් (රථවාහන කාර්මික* සෑම අතින්ම දක්‍ෂ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියා වශයෙන්ද තේරී පත්විය.

දක්‍ෂතා සටහන
දක්‍ෂතම කළමණාකරන ශිෂ්‍යයා
26757 කෝප‍්‍රල් තෙන්නකොන් ටීඑම්එස්  (හෙද සහායක*

ප‍්‍රථම ස්ථානය ජේ අ නො නි - 26868 සැරයන් පියසේන ඒඑස්පී (භෞතචිකිත්සක*
දෙවන ස්ථානය ජේ අ නො නි - 17100 බලපන්ති සැරයන් අමරතුංග ඒඒපීඞී (ගුවන් යානා සැකිලි ශීල්පී*
තුන්වන ස්ථානය ජේ අ නො නි - 15170 බලපන්ති සැරයන් මලලසේකර ඞීඑම්(සැපයුම්*

ප‍්‍රථම ස්ථානය ක අ නො නි - 25186 කෝප‍්‍රල් ද සොයිසා ටීඑස් (රථවාහන කාර්මික*
දෙවන ස්ථානය ක අ නො නි - 28501 කෝප‍්‍රල් වල්පොල ආර්ඞීඑස් (දන්ත සහායක*
තුන්වන ස්ථානය ක අ නො නි - 26757 කෝප‍්‍රල් තෙන්නකොන් ටීඑම්එස්  (හෙද සහායක*

හොඳම කථිකයා ජේ අ නො නි - 19952 සැරයන් නාවින්න එන්එම්කේ (මෙහෙයුම් භූමි*
හොඳම කථිකයා ක අ නො නි - 22548 කෝප‍්‍රල් රස්නායක ආර්එම්සී (මෙහෙයුම් භූමි*

ශෘරිරික යෝගතාව අතින් දක්‍ෂතම ජේ අ නො නි - 35298 සුළු නිළධාරී පුෂ්පකුමාර (නාවික හමුදාව*
ශෘරිරික යෝගතාව අතින් දක්‍ෂතම ක අ නො නි -  32307 කෝප‍්‍රල් වික‍්‍රමසිංහ එම්ඒපීආර් (මෙහෙයුම් භූමි*


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි