මිනුස්කාහි හමුදා ප‍්‍රධානී මිනුස්කා ශ‍්‍රී ලංකා ගුවන් යානා ඒකකයේ සංචාරයක
9:09am on Friday 19th December 2014
මිනුස්කා හමුදා ප‍්‍රධානී ලෙෆ්ටිනන් ජෙනරාල් මාර්ටින් චෝමු ටුමෙන්ටා, පසුගිය දෙසැම්බර් මස 2 වන දින මිනුස්කාහි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා ඒකකයේ සංචාරයක නිරත විය.

මෙම ගුවන් හමුදා බලඇණිය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පීකේ-14 කඳවුර වෙත පසුගිය නොවැම්බර් මස 14 වන දින රැුගෙන යන ලදී. එහි රැුගෙන යාමෙන් අනතුරුව මෙම බල ඇණිය විසින් එම කඳවුරු පරිශ‍්‍රය හා නවාතැන් වැඩිදියුණු කොට ඇත. මෙලෙස හමුදා ප‍්‍රධානීතුමන් මෙහි සංචාරය කරන ලද්දේ බල ඇණි අණදෙන නිළධාරීතුමන්ගේ ඉල්ලීමකට අනුවය.

සියළුම බළඇණි සාමාජිකයින් මෙම කඳවුරු ප‍්‍රදේශය ඉතාමත් උසස් පරීක්‍ෂණ මට්ටමක පවාත්වාගෙන යනු ලබන අතර එය ශ‍්‍රී ලංකාවේ නාමය බබලවන්නට සමත් වී ඇත.

එහිදි සංචාරයේ නිරත වුණු හමුදා ප‍්‍රධානීතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා ඒකකයේ තත්වය පිළිබඳ විස්මයට පත්විය. මෙහිදී හමුදා ප‍්‍රධානීතුමන් විසින් කඳවුරු පරිශ‍්‍රයේ ඉදිකොට ඇති තාවකාලික නිළධාරී නිවස්නයේ ඇති සංචාරක සමරු සටහන් පොතේ සටහනක් තැබීමද සිදුකරන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ක‍්‍රමයට සැකසූ දිවා භෝජනයක්ද හමුදා ප‍්‍රධානීතුමන් හට පිළිගන්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා බලඇනිය ඉතාමත් කෙටි කාලයක් තුළදී මේ ආකාරයට තම බල ඇණිය ඉතාමත් උසස් ලෙස පවත්වාගෙන යාමත් මෙය අනෙකුත් බලඇණි අනුගමනය කිරීම සුදුසු බවත් ලෙෆ්ටිනන් ජෙනරාල් ටුමෙන්ටා විසින් අනෙකුත් බලඇණි අණදෙන නිළධාරීන් අමතා පසුදින උදෑසන පැවති බුද්ධි තොරතුරු සාකච්ඡුාවේදි පවසන ලදී.

සම්පූර්ණ මෙහෙයුම් කාලසීමාව තුළදීම මේ ආකාරයෙන්ම බලඇණියේ තත්වය පවත්වා ගැනීම ශ‍්‍රී ලංකා නාමය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නාමය ලෝකය තුළ පිළිගැනීමකට ලක්කරමින්, උසස් තත්වයක් ලබා දීමට අවිවාදයෙන්ම සමත් වෙයි.

      
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි