අංක 158-බී ආධුනික ගුවන් භට පාඨමාලාව විසිරයයි
10:01am on Tuesday 23rd December 2014
අංක 158-බී ආධුනික ගුවන් භට පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය පසුගිය දෙසැම්බර් මස 19 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වන්නි ගොඩබිම් සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී. ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ආර්ජේ පතිරගේ මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ආධුනික ගුවන් භට පාඨමාලාවක විසිර යාමේ පෙළපාලියක් පැවැත්වීම වන්නි ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේ ප‍්‍රථම වතාවට සිදුකරනු ලැබීමද විශේෂත්වයකි. මෙහිදී ආධුනික ගුවන් භටයින් 461 දෙනෙකු විසිර යන ලද අතර විසිරයාමේ පෙළපාලිය නැරඹීම සඳහා 5200 කට අධික පිරිසක් සහභාගී විය.

මෙහිදී ,
දක්‍ෂතම වෙඩික්කරු  -    ටීඒ 32059 ආධුනික ගුවන් භට මධුශංක ඩබ්ඩීඩී
දක්‍ෂතම ශිෂ්‍යයා       -    ටීඒ 32303 ආධුනික ගුවන් භට මධුශංක කේඒඩීඑම්අයි
සරඹ අතින් දක්‍ෂතම ගුවන් භටයා  -    ටීඒ 32344 ආධුනික ගුවන් භට ඉන්ද්‍රජිත් එම්කේ
ශාරීරික යෝග්‍යතාව අතින් දක්‍ෂතම ගුවන්භටයා  -    ටීඒ 31942 ආධුනික ගුවන් භට කුමාර ටීඒජේ
සෑම අතින්ම දක්‍ෂතම ගුවන් භටයා  -    ටීඒ 31942 ආධුනික ගුවන් භට කුමාර ටීඒජේ
හොඳම බළඝණය - අංක 04 බළඝණය (ෆ්ලයිං ඔෆිසර් ආර් ජයම්පති විසින් අණදෙන ලදී)
යන ගුවන් භටයින් හා බළඝණය සම්මාන දිනා ගන්නා ලදි.

පැමිණ සිට නරඹන්නන් අමන්දානන්දයට පත්කරමින් ආධුනික ගුවන් භටයින් විසින් ජිම්නාස්ටික් සංදර්ශනයක්, සරඹ සංදර්ශනයක් සහ කඳවුරු ප‍්‍රහාරයක් නිරූපනය කිරීම සිදුකරන ලද අතර ගුවන් හමුදා තූර්ය වාදක ඛන්ඩය විසින් ඉදිරිපත් කරන ලද තූර්ය වාදක සංදර්ශනයට නරඹන්නන් පිනවීමට සමත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි