ගුවන් හමුදාව තවත් බෝම්බ නිෂ්ක‍්‍රීය භටයින් පිරිසක් බිහි කරයි
10:10am on Tuesday 23rd December 2014
පාලවිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිෂ්ක‍්‍රීය පාසලේ පුහුණුව ලැබූ අංක 28 නිළධාරී, අංක 43 ගුවන් භට සහ අංක 19 නාවික හමුදා මූලික බෝම්බ නිෂ්ක‍්‍රීය පාඨමාලාවේ සහතික පත‍්‍ර ප‍්‍රදානය පසුගිය දෙසැම්බර් මස 19 වන දින පාලවිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර්ජීඑස්එන් ප‍්‍රියදර්ශන ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. 

ගුවන් හමුදා නිළධාරීන් දෙදෙනෙකු, නාවික හමුදා නිළධාරීන් දෙදෙනෙකු, ගුවන් භටයින් 31 දෙනෙකු සහ නාවික හමුදා භටයින් 04 දෙනෙකු ඇතුලත්ව 39 දෙනෙකු විසින් මෙම පාඨමාලාව හදාරන ලදී. ෆ්ලයිං ඔෆීසර් ඒඑච්ටීඅයිඒ සුමනතිලක සහ නායක ගුවන් භට අතපත්තු ඒආර්එම්වී විසින් පිළිවෙලින් දක්‍ෂතම බෝම්බ නිෂ්ක‍්‍රීය නිළධාරියා සහ දක්‍ෂතම බෝම්බ නිෂ්ක‍්‍රීය භටයා වශයෙන් සම්මාන හිමිකරගන්නා ලදී.  බෝම්බ නිෂ්ක‍්‍රීය පාසලේ වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් ඩබ්ඒඅයි වර්ණප‍්‍රිය, නිළධාරීන් සහ ගුවන් භටයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි