ජාතික ටයිකොන්ඩෝ ශූරතාවය 2014
10:26am on Tuesday 23rd December 2014
2014 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ටයිකොන්ඩෝ කණ්ඩායම සහ පිරිමි ටයිකොන්ඩෝ කණ්ඩායම පිලිවෙලින් ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගැනීමට සමත්කම් දක්වන ලදී.

 තරඟාවළිය දෙසැම්බර් මස 21 වන දින සවස කොළඹ විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පවත්වන ලදී.මෙහිදී රන් පදක්කම් 5 ක්, රිදී පහක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 5 ලෙස සමස්ථ පදක්කම් සංඛ්‍යාවක් ලබා ගනිමින් සමස්ථ අනුශූරතාවය හිමි කර ගැනීමටද ගුවන් හමුදාව සමත් විය.

කොරියානු ජනරජයේ තානාපති චෑන්ග් වොන්සම් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ ලේකම් ගෲප් කැප්ටන්  ඕඒඑන්එස් ප‍්‍රනාන්දු ද මේ අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි