ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සීරුවෙන්
10:33am on Tuesday 23rd December 2014
ශ‍්‍රී ලංකාව තුළ ඇතිවී ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇති විය හැකි හදිසි ස්වභාවික ආපදා තත්වයන් ගෙන් ජීවිත හා දේපල ආරක්‍ෂාකිරීම පිණිස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 සහ එම්අයි 17 හෙලිකොප්ටර් යානා දෙකක් පිළිවෙලින් හිඟුරක්ගොඩ සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු වල ස්ථාපිත කොට තිබේ.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසන අන්දමට පසුගිය දින කිහිපය තුළදී ඇතිවූ වර්ෂාව හේතුවෙන් රටේ ප‍්‍රදේශ කිහිපයකම හටගත් ගංවතුර තත්වයන් හේතුවෙන් දරුණු ලෙස ආපදාවට ගොදුරු වූ ප‍්‍රදේශ වල ජීවත්වූ පුද්ගලයින් දහස් ගණනක් ඊයේ සවස වන විට ආරක්‍ෂත ස්ථාන කරා යැවීමට කටයුතු යොදන ලද බව වාර්තා වේ. 

උතුරු මැද පලාත ගංවතුර තත්වයෙන් දරුණුතම ආපදාවන් වලට ගොදුරු වූ ප‍්‍රදේශය වන අතර පොලොන්නරුව ප‍්‍රදේශයේ පුද්ගලයින් 8500 ක්ද ඇතුළත්ව පුද්ගලයින් 10715 ක් ආරක්‍ෂත ස්ථාන කරා යොමු කරවීමට කටයුතු යොදා තිබේ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි