ගංවතුරෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට ගුවන් හමුදාවෙන් මෙහෙයුමක්
3:00pm on Friday 26th December 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් ගංවතුරෙන් අවතැන් වූවන් සොයා සෝදිසි කිරීමේ හා ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබූ අතර අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට එම් අයි 17 හෙලිකොප්ටර් යානයක් මන්නාරම් ප‍්‍රදේශයේ අවතැන් වූවන් සඳහා ආධාර සැපයීමේ මෙහෙයුමක් පසුගිය දෙසරම්බර් මස 24 වන දින සිදු කරන ලදී. මෙම මෙහෙයුම් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ මගපෙන්වීම මත සිදු කරන ලදී. පසුගිය දින කිහිපය තුළ ලංකාවේ දස අතින්ම ගංවතුර හේතුවෙන් ආපදාවන් වාර්තා වී ඇති අතර අවතැන් වූවන් දහස් ගණනක් වාර්තා වී තිබේ.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසන අන්දමට පසුගිය දින කිහිපය තුළදී ඇතිවූ වර්ෂාව හේතුවෙන් දරුණු ලෙස ආපදාවට ගොදුරු වූ ප‍්‍රදේශ වල ජීවත්වූ පුද්ගලයින් දහස් ගණනක් ආරක්‍ෂත ස්ථාන කරා යැවීමට කටයුතු යොදා ඇත.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර මගින් ගංවතුරින් ආපදාවට පත්වූවන්ට ආධාර කිරීම සඳහා කඳවුරු සාමාජිකයින් පත්කොට ඔවුන් දිස්ති‍්‍රක් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිළධාරීන්ට සහ ඒ සඳහා පත්කර ඇති පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අනෙකුත් රජයේ නිලධාරීන්ට සහය වීම සිදු කරනු ලබයි. මෙහිදී පානීය ජලය සහ ආහාර ලබා දීමද මොවුන් විසින් සිදු කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි