54 වෙනි ජාතික ජූඩෝ තරඟාවළියේදී ගුවන් හමුදාවෙන් ඉහල දස්කම්
5:31pm on Wednesday 31st December 2014
ශ‍්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් පවත්වන ලද 54 වන ජාතික ජූඩෝ තරඟාවළියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගැනීමට පිළිවෙලින් ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ජූඩෝ කණ්ඩායම් සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසුගිය දෙසැම්බර් මස 29 සහ 30 යන දෙදින තුළදී කොළඹ ජූඩෝ සංගම් ශාලාවේදී පැවැත්විණි.

ගුවන් හමුදා පිරිමි කණ්ඩායම තරඟාවළියේ විවෘත සහ කණ්ඩායම් ශූරතාවය දිනා ගනු ලැබූ අතර කාන්තා කණ්ඩායම කණ්ඩායම් අනුශූරතාවය දිනා ගන්නා ලදී. මෙහිදී රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 08ක් සහ ලෝකඩ පදක්කම් 07 ක් ලෙසින් සමස්ථ පදක්කම් 27 ක් ගුවන් හමුදා කණ්ඩායම ලබා ගන්නා ලදී. තරඟාවළියට දිවයින පුරා පිහිටි ජූඩෝ සංගම් 12 ක් සහභාගී විය.
 
මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම කි.ග‍්‍රෑ. 50, කි.ග‍්‍රෑ. 73, කි. ග‍්‍රෑ. 81, කි. ග‍්‍රෑ. 100 සහ කි. ග‍්‍රෑ. 100 ට වැඩි බරපන්තීන්හි පළමු ස්ථානය ලබා ගත් අතර කාන්තා කණ්ඩායම කි. ග‍්‍රෑ. 44, කි. ග‍්‍රෑ. 48, කි. ග‍්‍රෑ. 57, කි. ග‍්‍රෑ. 63 සහ කි. ග‍්‍රෑ 78 යන බර පන්තීන්හි පළමු ස්ථාන ලබා ගන්නා ලදී.

ජයග‍්‍රාහී ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායමට නායක ගුවන් භට වික‍්‍රමගේ ජේඑස්කේ විසින් නායකත්වය සපයනු ලැබූ අතර කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කරමින් කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් ඒ සඳහා පුහුණු කිරීම, පුහුණුකරු පී ජී සුනිල් මහතා විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ශ‍්‍රී ලංකා ජූඩෝ සංගමයේ සභාපති ගයාන් විතාන මහතා, ගුවන් හමුදා ජූඩෝ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු, ගුවන් හමුදා ජූඩෝ සංචිතයේ ලේකම් විංග් කමාන්ඩර් එම්ඒඑස්එන් විජේසිංහ, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි