භාණ්ඩ සැපයුම් හා ප‍්‍රතිසම්පාදන ඒකකය සිය සිව්වන සංවත්සරය සමරයි
1:42pm on Monday 12th January 2015
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති භාණ්ඩ සැපයුම් හා ප‍්‍රතිසම්පාදන ඒකකය සිය හතරවන සංවත්සරය පසුගිය ජනවාරි මස 1 වන දින සමරන ලදී. සංවත්සරය සමරමින් ජා ඇල දොස්තර බීඑස් ජයවර්ධන ළමා පුනුරුත්තාපන ආයතනයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 30 වන දින පවත්වන ලදී.

ශ‍්‍රමදාන ව්‍යාපාරයට අමතරව ජනවාරි මස 1 වන දින එම ආයතනයේ කුඩා දරුවන් වෙනුවෙන් දිවා ආහාරයක් සහ ත්‍යාග ලබා දීමක් භාණ්ඩ සැපයුම් හා ප‍්‍රතිසම්පාදන ඒකකයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් රොහාන් හේමසිංහ ඇතුළු ඒකකයේ සාමාජික සාමාජිකාවන් සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි