අංක 47 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික නිළධාරී පාඨමාලාව ඇරඹෙයි
1:54pm on Monday 12th January 2015
අංක 47 කණිෂ්ඨ අධිකාරීලත් නිළධාරීන්ගේ මාණ්ඩලික පාඨමාලාව පසුගිය ජනවාරි මස 505 වන දින චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධ්‍යාපීඨ, කණිෂ්ඨ අණ හා  මාණ්ඩලික පාසලේදී පවත්වන ලදී. අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජනක් වනිගතුංග විසින් පුහුණු පාසැල් ශ‍්‍රවණාගාරයේදී පාඨමාලාව අමතන ලදී.

කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසල 1999 වසරේදී ආරම්භ කරන ලදී. එය කණිෂ්ඨ නිළධාරීන්ගේ වෘත්තීය හා කළමණාකරන දැනුම වර්ධනය කරනු පිණිස ස්කොඞ්රන් ලීඩර් නිළය සහ ඉන්පහත නිළධාරීන් වෙනුවෙන් විවෘත කරන ලදී.

47 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සඳහා ස්කොඞ්රන් ලීඩර් සහ බලපන්ති ලූතිනන්වරුන් 19 දෙනෙකු, නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර් නිලයේ නිළධාරීන් 04 දෙනෙකු සහ බංගලාදේශ ගුවන් හමුදා නිළධාරීයෙකු ඇතුළත් විය. පාඨමාලාව සති 14 ක කාලසීමාවක් පුරාවට පැවැත්වීමට නියමිතය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි