ශුද්ධ වූ පාප් වහන්සේට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවන්හි සේවය ලබාදෙයි
4:42pm on Monday 19th January 2015
අති උත්තම ශුද්ධවූ ප‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරයේදී උන්වහන්සේ වැඩම කරවීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂිත හෙලිකොප්ටර් යානාවන් මගින් සිදු කරන ලදී.

පාප් වහන්සේ ශ‍්‍රී ලංකාවට පිළිගැනීම ත‍්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාලියක් මගින් සිදු කරන ලදී. කටුනායක සිට කොළඹ දක්වා විවෘත රථයකින් ගමන් කරමින් මග දෙපස සිටින බැතිමතුන්ට ආශිර්වාද කරමින් ගමන් ගන්නා ලදී.

ගලුමුවදොර පිටියේදී පැවති විශේෂිත දේව මෙහෙයේදී ශ‍්‍රී ලංකාවේ පළමු ශාන්තුවරයා වශයෙන් ශාන්ත ජෝෂප් වාස් පියතුමන් ශාන්තුවරයට පත්කිරීම සිදු කරන ලදී.

පසුදින මන්නාරම මරඳමඩු දේවස්ථානයේ දේව මෙහෙය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මගින් මඩු දේවස්ථානය වෙත පැමිණි පාප් වහන්සේ පසුව මීගමුව බෝලවලානේ පිහිටි දහසය වෙනි බෙනඩික් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ජනවාරි මස 15 වන දින සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි