අංක 09 ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව ආරම්භ වෙයි
4:44pm on Monday 19th January 2015
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා විද්‍යාලයේ පවත්වනු ලබන ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාවේ නවවන පාඨමාලාව පසුගිය ජනවාරි මස 05 වන දින ආරම්භ කරන ලදී. ගුවන් හමුදා නිළධාරීන් 20 දෙනෙකු මෙම පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

පීඨාධිපති මේජර් ජෙනරාල් එන්ජේ වල්ගම විසින් පාඨමාලාවේ සියළුම සාමාජික සමාජිකාවන් ජනවාරි මස 07 වන දින අමතන ලදී.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසල ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක අධ්‍යාපනයේ ඉහල තැනක් හිමිකර ගන්නා ආයතනයකි. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ ත‍්‍රිවිධ හමුදාවේ , අසල්වාසි රටවල හමුදාවන්හි නිළධාරින් සහ පොදු ආයතනයන්හි නිළධාරීන් උසස් නිලතල සඳහා සිදුසු තත්වයට පත්කිරීමයි.

     
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි