ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ පිරිත් සක්‍ජ්ජායනාවක්
4:45pm on Monday 19th January 2015
ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල මගින් පසුගිය ජනවාරි මස 16 සහ 17 යන දෙදින තුළ පිරිත් සක්‍ජ්ජායනාක් කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ටීඒඞීආර් සේනානායකගේ මග පෙන්වීම මත සිදුකරන ලදී.

පිරිත් සක්‍ජ්ජායනාව සඳහා ස්වාමීන්වහන්සේලා වැඩම කරවීම සහ ධාතු කරඬුව වැඩම කිරීම අලංකාර දේශීය නර්තන අංගයන්ගෙන් සමන්විත පෙරහැරකින් සිදු කරන ලද අතර ඒ සඳහා ගුවන් හමුදා සේවා පුද්ගලයින් හා වෘත්තීය පුහුණු පාසලේ පුහුණුවන්නන් සහභාගී විය.

කඳවුරු අණදෙන නිළධාරීතුමන්, නිළධෘරී අණදෙන පුහුණු, නිළධාරීන්, නිළධාරිනියන් සහ සෙසු නිළයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි