ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ නැවත මතක් කරදීමේ පාඨමාලාව දියතලාව ගුවන් හමුදා කඳවුරේදී නිමා වෙයි
3:29pm on Tuesday 27th January 2015

ජ්‍යේෂ්ඨ නිළධාරීන් සහා වූ නැවත මතක් කර දීමේ පාඨමාලාවේ 2015 වසරේ පළමු පාඨමාලාව පසුගිය ජනවාරි මස 23 වන දා නිමාවට පත්විය. දින පහක කාලයකට සීමා වූ මෙම පාඨමාලාව ජනවාරි මස 19 වන දින සිට 23 වන දින දක්වා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල් අණදෙන නිළධාරීතුමන්ගේ මෙහෙයවීම මත සිදු කරන ලදී.

 

පාඨමාලාව සහා ජ්‍යේෂ්ඨ නිළධාරීන් 8 දෙනෙකු සහභාගී වූ අතර ගුවන් හමුදා පුහුනු අධ්‍යක්ෂකය විසින් එය මෙහෙයවන ලදි.  සරඹ දැනුම, පොදු සේවා දැනුම, ගෙඩබිම් ආරක්ෂණ යාන්ත්‍රනය, ශාරීරික යොග්‍යතා පුහුණුව, අභ්‍යන්තර ආරක්ෂන මෙහෙයුම්, ගුවන් බුද්ධිතොරතුරු, ගොඩබිම් මෙහෙයුම් සහ වෙඩිතැබීම මෙම පාඨමාලාවට අන්තර්ගත විය.

 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි