බංග්ලාදේශ ගුවන් හමුදා සාමාජිකයින් උදෙසා ගාඩබිම් ආරක්ෂක ප්‍රවීණතා පාඨමාලාවක්
12:14pm on Tuesday 10th February 2015
බංග්ලාදේශ ගුවන් හමුදා සාමාජිකයින් උදෙසා අලුතින් නිර්මාණය කරන ලද ගොඩබිම් ආරක්ෂක ප්‍රවීණතා පාඨමාලාව, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී 2015 ජනවාරි මස 26 වැනි දින, ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාව ගුවන් හමුදා පුහුණු අධ්‍යක‍ෂකතුමන් විසින් ලබා දී ඇති උපදෙස් අනුව දියතලාව පුහුණු පාසලේ පාසලේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක‍ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

නිලධාරීන් හතර දෙනෙකු සහ සෙසු නිලයන් හය දෙනෙකු සඳහා අවි පුහුණුව පිළිබඳ න්‍යාය හා ප්‍රායෝගික අංශ මත පුහුණුව, තනි පුද්ගල සටන් නිපුණතා, ගුවන් කඳවුරු වල ගොඩබිම් ආරක‍ෂක හා ආරක‍ෂක යාන්ත්‍රණය, බුද්ධි තොරතුරු, නිළධාරියෙකු සතු වන පොදු වගකීම් සහ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස පිළිබඳ දැනුම මෙහිදී ලබා දීමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි