ගුවන් ශීෂ්‍ය භට වාර්ෂික ඇගයීමේ කඳවුර දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී
12:02pm on Thursday 19th February 2015
ජාතික ශිස්‍ය භට බලකාය මගින් සංවිධානය කරන ලද ගුවන් ශිස්‍ය භට වාර්ෂික ඇගයීමේ කඳවුර පසුගිය ජනවාරි 25 වන දින සිට පෙබරවාර් 03 වන දින දක්වා  දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී. ගුවන් ශිෂ්‍ය භටයින්ගේ විසිර යාමේ පෙළපාලිය පසුගිය පෙබරවාරි මස 2 වන දින ජාතික ශිෂ්‍ය භට බලකා අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් ජීබීවී ජයසුන්දර ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

කඳවුර අවසානයේදී කඳවුර සඳහා සහභාගී බාලක ගුවන් ශිෂ්‍ය භටයින් ගුවන් හමුදා විෂයයන් හා අනෙකුත් විෂයයන් සම්බන්ධව මනා දැනුමක් හා පුහුණුවක් ලබා ගන්නා ලදි. එහිදී සිතියම් කියවීම, ප‍්‍රථමාධාර, ක්‍ෂේත‍්‍ර දැනුම, නායකත්ව පුහුණුව, සරඹ ආදී විෂයය ක්‍ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ මනා පුහුණුවක් ලබාදෙන ලදි.

තියුණු තරඟයකින් අනතුරුව රිකිල්ලගස්කඩ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය පළමු ස්ථානය දිනා ගනු ලැබූ අතර තෝලංගමුව ඩඞ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය හා දෙහි ඕවිට ජාතික පාසල පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන හිමිකරගන්නා ලදි.

අණදෙන නිළධාරීතුමන්, යුධ හමුදා, ගුවන් හමුදා සහ ශීෂ්‍ය භඨ බලකා උසස් නිළධාරීන්, විදුහල්පතිවරුන් සිසු දරුදැරියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ත්‍යාග ලාභීන්

අධ්‍යක්‍ෂක විභාගය
ඩඞ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, තෝලංගමුව

බලඝණ සරඹ ශූරතාවය
පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, රිකිල්ලගස්කඩ

ආත්ම විශ්වාසය පරීක්‍ෂාකිරීමේ පරීක්‍ෂණය
දෙහි ඕවිට මධ්‍ය මහා විද්‍යාලය

නිවාස පරීක්‍ෂණය
වත්තේගම මධ්‍ය මහා විද්‍යාලය

ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය
ඩඞ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, තෝලංගමුව

නාට්‍ය පරීක්‍ෂණය
පල්ලෙබැද්ද මහා විද්‍යාලය, ඇඹිලිපිටිය


දක්‍ෂතම අණදෙන්නන්
ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ
9 ඒඩබ් 0288 සැරයන් සූරියරත්න එන්පීඑස්කේ - දෙහි ඕවිට ජාති පාසල

පා සරඹ
3 ඒඩබ් 0263 සැරයන් හෙන්ඩර්ලින් ඞීඑම් - ශාන්ත පීතර විද්‍යාලය කොළඹ 04

දක්‍ෂතම වෙඩි තැබීම
9 ඒඩබ් 0123 කෝප‍්‍රල් අරුණරත්න කේඒජේවී - ඩඞ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, තෝලංගමුව

ආත්ම විශ්වාස පරීක්‍ෂණය (දක්‍ෂතම ධාවකයා)

9 ඒඩබ් 0260 ගුවන් භට කුමාර එල්පීඑස්ඞී - දෙහි ඕවිට ජාතික පාසල

 

News Paper

Daily News

Dinamina
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි