එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සදහා පිටත්ව යන ගුවන් හමුදා දෙවන බලපන්තිය විසිර යයි
12:15pm on Thursday 19th February 2015
ලකඔර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාතෘ භුමියේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මෙහෙයක් සිදූකරන  අතර  විනය ගරුක හමුදාවක් ලෙස ලොවටම ආදර්ශමත්ව තම රාඡකාරි නිසි පරිදි ඉටුකරන්නා වු සේවය ඇගයිමක් ලෙස එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාෙවි රාජකාරීන් සදහා දෙවන වරටත් සමිබන්ධ වීෙමි අවස්ථාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උදා විය. පලමු අවස්ථාව ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරි සදහා යොදවනු ලැබූ ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය දැනට එහි සර්ථකව තම රාජකාරී ඉටු කරමින් සිටී.  
 
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාෙවි රාජකාරීන් සදහා දකුණූ සුඩානය බලා පිටත්ව යන මෙම ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තිය සදහා අවශ්‍යය රථ වාහන, උපකරණ සහ අනෙකුත් උපකරණ පසුගිය මස නැවි මගින් එරටට යවනු ලැබිනි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සදහා දකුණු සූඩානය සදහා පිටත්ව යාමට නියමිත බල පන්තිය සදහා නිලධාරීන් 18 දෙනෙක්ද සෙසු නිලයන් 86 දෙනෙක්ගෙන් යුත් හෙලිකොප්ටර් බලපන්තිය 2015 පෙබරවාරි මස 13 වන දින උ°සන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක වෙත තම උත්තමාචාර පුදකරමින් ගුවන් හමුදා කටුනායක මූලික කදවුරෙදී අභිමානවත් අයුරින් විසිර යන ලදී. මෙහි අණදෙන්නා ලෙස විංග් කමාන්ඩර් පී ඒ වී සමන්ත කටයුතු කරනු ලබන අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති තුමන් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිෂ් මාෂල් ගගන බුලත්සිංහ ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා නිළධාරින් ඇතුළු සෙසුනිළයන් විශාල පිරිසක්ද සහභාගි විය 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි