ගුවන් හමුදා රෙජිමේන්තු නිළධාරීන්ගේ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීමේ පාඨමාලාව
12:19pm on Thursday 19th February 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු නිලධාරීන්ගේ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීමේ පාඨමාලාවක් පසුගිය පෙබරවාරි මස 09 වන දින සිට පෙබරවාරි මස 13 වන දින දක්වා දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී. නිළධාරීන් 12 දෙනෙකු මෙම පාඨමාලාවට සහභාගී වූ අතර එහිදී මෙහෙයුම් ක්‍ෂේත‍්‍ර යේ සුවිශේෂී මාතෘකාවන් ඔස්සේ දේශන පවත්වන ලදි.

මෙම පාඨමාලාව කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඞීජේසී වීරකෝන් විසින් අධ්‍යයනය කරන ලද අතර නිලධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් ජීපීඑන්සී පියසේන සහ ප‍්‍රධාන උපදේශක ස්කොඞ්රන් ලීඩර් ඞීපී වීරසිංහ විසින් දායකත්වය දක්වන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි