කාන්තා ගුවන් ශිෂ්‍ය භට ඇගයීමේ කඳවුර 2015
9:03am on Thursday 12th March 2015
කාන්තා ගුවන් ශිෂ්‍ය භට කණ්ඩායම් ඇගයීම් කඳවුරු විසිරයාමේ පෙළපාලිය පසුගිය පෙබරවාරි මස 18 වන දින දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී. ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් එච්එම්එච්ඒ හේරත් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

වාර්ෂික ඇගයීම් කඳවුරු තවත් අදියරයක් ලබන මාර්තු මස 10 සිට 19 දින දක්වා දියතලාව ගොඩබිම් සටන් පුහුණු පාසලේ දි පැවැත්වීමට නියමිතය.

ඉිතිහාසයේ ප‍්‍රථම වරට පෙළපාලියකට අණදීමමහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ගුවන් ශිෂ්‍ය භට උපදේශක වොරන්ට් ඔෆිසර් 28 ඒඩබ්ජී 0116 බීජීඑස්අයි ජයමාන්න විසින් සිදු කරන ලදී. පුහුණු පාසල් අණදෙන නිලධාරීතුමන්ගේ අනුදැනුම මත නිළධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් ජීපීඑන්සී පියසේන විසින් සංවිධානය කරන ලද තර්ය වාදක සංදර්ශන සහ ආචාර පෙළපාලිය ඉතා අලංකාරවත්ව පැවැත්විණි.

ශ‍්‍රී ලංකාවේ දස අතින් පාසල් 16 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය භටයින් 400 ක් පමණ සහභාගී වූ අතර විභාග, ආත්ම විශ්වාස ක‍්‍රියාකාරකම්, සරඹ, වෙඩි තැබීම, නිවාස පරීක්‍ෂණ, ක්ෂේත‍්‍ර පුහුණුව, ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ, ලිවීමේ පරීක්‍ෂණ සහ ඉදිරිපත් කිරීමේ හැකියාව පරීක්‍ෂා කරමින් පරීක්‍ෂණයන් පවත්වන ලදී.

කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය ගුවන් හමුදා අභියෝගතා කුසලානයට හිමිකම් කියමින් ප‍්‍රථම ස්ථානය දිනාගනු ලැබූ අතර පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සහ මහනුවර පුෂ්පදාන බාලිකා විධ්‍යාලය පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන දිනාගන්නා ලදී.
ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ උසස් නිළධාරීන්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, දෙමව්පියන්, පාසල් සිසු දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි