ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සමාජිකයාගේ නිර්භීත ක‍්‍රියාව අගය කෙරේ
9:19am on Thursday 12th March 2015
ලෝකාන්තයෙන් වැටුණු  ඕලන්ද ජාතිකයා බේරාගැනීමට දායක වූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප‍්‍රල් විජේවර්ධන ජේටීබීජී හට ඔහුගේ නිර්භීත ක‍්‍රියාව අගය කරමින්, පසුගිය පෙබරවාරි මස 27 වන දින ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේදී උපහාර පිදීමක් සිදු කරන ලදී.

පසුගිය පෙබරවාරි මස 21 වන දින ලෝකාන්තය නැරඹිමට පැමිණ  ඕලන්ද ජාතිකයා ලෝකාන්තයෙන් පහලට වැටුණු අතර ඔහු ප‍්‍රපාතයේ ගසක එල්ලීමට සමත් විය. අවට සිටි නරඹන්නන් පොලීසිය දැනුවත් කරන ලදී, දියතලාව ගුවන් හමුදා කඳවුර මගින් ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භටයින් සිව්දෙනෙකු සමග හෙලිකොප්ටර් යානයක් අදාල ස්ථානයට ඒ අවස්ථාවේදීම පිටත් කර හරින ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි