ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයක් විවෘත කරයි
9:24am on Thursday 12th March 2015
තුම්මුල්ල ගුවන් හමුදා ක‍්‍රීඩා සංකීර්ණයේදී අළුතින් ඉදිකරන ලද ගුවන් හමුදා සෞඛ්‍ය කළමණකරන මධ්‍යස්ථානය පසුගිය මාර්තු මස 02 වන දින (ඊයේ* ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් විවෘත කරන ලදී.

මෙම මධ්‍යස්ථානයේ ශාරීරික සෞඛ්‍ය වර්ධනය කරග ගැනීම සඳහා වූ විවිධ නවීන උපකරණ හා ක‍්‍රියාදාමයන් රැුසකින් සමන්විත වන අතර ගෘහස්ථ බැඞ්මින්ටන් ක‍්‍රීඩා පිටියක්, ගෘහස්ථ බාස්කට් බෝල් ක‍්‍රීඩා පිටියක්, වොලිබෝල් ක‍්‍රීඩා පිටියක්, නෙට්බෝල් ක‍්‍රීඩා පිටියක් හා ස්කොෂ් ක‍්‍රිඩා පිටයකින්ද මෙය සමන්විත වේ.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යෂකය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණිය, ගුවන් හමුදා මාණ්ඩලකි ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්‍ෂඛ මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරීන් සෙසු නිලයන් ඇතුළු රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.




 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි