ගුවන් හමුදා විශිෂ්ඨතා සම්මාන උළෙල 2014
4:26pm on Friday 13th March 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ 2014 වසරේ සේවා විශිෂ්ඨතාවයන් අගයමින් සම්මාන පිලිගැන්වීමේ විශිෂ්ඨතා සම්මාන උලෙල පසුගිය මාර්තු මස 03 වන දින කටුනායක ඊගල්ස් ලැගුන් වීව් ගුවන් හමුදා උත්සව ශාලාවේදී පවත්වන ලදි. ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් 2014 වසරේදී දක්වන ලද විශිෂ්ට සේවාවන් ඇගයීම වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම උලෙල ගුවන් හමුදාවේ එක් එක් අධ්‍යක්ෂකයන්හි එක් එක් වෘත්තීන්ගේ දක්ෂතාවයන් දක්වනු ලැබූ ගුව්න භටයින් ගුවන් කාන්තාවන් තෝරා ඔවුන් අතරින් විශිෂ්ටයින් තෝරා ගැනීම සිදු කරන ලදී. මෙහිදී ඒ අතරින් වැඩිම තෝරා ගැනීමේ ලකුණු හිමි ගුවන් භටයාට හෝ ගුවන් කාන්තාවට වසරේ විශිෂ්ඨතම ගුවන් භටයාට හිමි කුසලානයට හිමිකම් කියන ලදී.

කටුනායක ගුවන් හුමදා කඳවුරේ විදුලි කාර්මික ශිල්පී 17331 බල පංති සැරයන් ජයතිලක එන්ආර් 2014 වසරේ විශිෂ්ඨතම ගුවන් භටයාට හිමි සම්මානයට හිමිකම් කියන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් ගගන් ‍බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන්, සම්මාන ලබාගත් ගුවන් භටයින්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ‍මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
එක් එක් අධ්‍යක්ෂකයන්හි සම්මාන ලබාගත් ගුවන් භටයින්
 
විශිෂ්ටතම සහාය සේවා වෘත්තිකයා
14964 බලලත් නිළධාරී ඩබ්ටී ධම්මිල   ශාරීරික අභ්‍යාස උපදේශක    දියතලාව
 
විශිෂ්ටතම වෛද්‍ය හා දන්ත වෛද්‍ය සේවා වෘත්තිකයා
20313 බලපංති සැරයන් පෙරේරා    දන්ත කාර්මික   කොළඹ
 
විශිෂ්ටතම ගොඩබිම් ආරක්ෂක වෘත්තිකයා
19678 බලපංති සැරයන් ජනක ජීඒ  මෙ‍හෙයුම් භූමි (වි 1)
 
විශිෂ්ටතම පරිපාලන සේවා වෘත්තිකයා
31769 කෝප්‍රල් විජේවීර ටීඑම්එන්ජීඑස්  ගිණුම් ලිපිකරු (වි1) වෘත්තීය පුහුණු පාසල ඒකල
 
විශිෂ්ටතම සිවිල් ඉංජිනේරු සේවා වෘත්තිකයා
17331 බලපංති සැරයන් ජයතිලක එන්ආර්  විදුලි කාර්මික ශිල්පී  කටුනායක
 
විශිෂ්ටතම විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු සේවා වෘත්තිකයා
34717 කෝප්‍රල් කොට්ටහච්චි ජීපී  ගුව්න රෙදෙවු ශිල්පී  රත්මලාන
 
විශිෂ්ටතම සාමාන්‍ය ඉංජිනේරු සේවා වෘත්තිකයා
022842 නායක ගුවන් භට සංජීව එල්එම්   ලියවන පට්ටල් ක්‍රියාකරු   රත්මලාන
 
විශිෂ්ටතම ගුවන් යානා ඉංජිනේරු සේවා වෘත්තිකයා
19093  බලලත් නිළධාරී ඩබ්එම්එම්පී වික්‍රමසිංහ  ගුවන් යානා සැකිලි ශිල්පී   හිඟුරක්ගොඩ
 
විශිෂ්ටතම පර්යේෂන සංවර්ධන කණ්ඩායම
විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය  කටුනායක
 
වසරේ විශිෂ්ටතම ගුවන් භටයා
17331 බලපංති සැරයන් ජයතිලක එන්ආර්  විදුලි කාර්මික ශිල්පී  කටුනායක


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි