පලාලි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
4:29pm on Friday 13th March 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, පලාලි ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය පසුගිය මාර්තු මස 06 වන දින පවත්වන ලදි.

පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජීඑච්පී නානානයක්කාර විසින්  ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන් අයිජීඑම්ඒ ගමගේ විසින් මාර්ග පෙළ ඛණ්ඩයට අනදෙන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සෑම ස්ථානයක්ම තම පරීක්ෂණයට භාජනය කරනු ලැබූ අතර අළුතින් ඉදිකරන ලද කෝප්‍රල්වරැන්ගේ සමාජ ශාලාව විවෘත කිරිමද සිදු කරන ලදී.

පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී. එහිදී ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ගුවන් හමුදා ඒකකයක් ලෙස පලාලි ගුවන් හමුදා කඳවුර දක්වන ලද දායකත්වයට සියළුම සාමාජික සාමාජිකාවන්ට ඒ වෙනුවෙන් ස්තුති කිරිමද සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි