ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර සාමාන්‍ය නිර්මාණකරණ පරිඝණක පාඨමාලාවක් ආරම්භ කරයි
4:44pm on Friday 13th March 2015
අම්පාර ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන  ලද පරිඝණක විද්‍යාගාරය පසුගිය මාර්තු මස 09 වන දින කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද වික්‍රමරත්න විසින විවෘත කරන ලදී. එය විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ ගේ මගපෙන්වීම මත පළමු පාඨමාලාව වශයෙන් සාමාන්‍ය නිර්මාණකරන පරිඝණක පාඨමාලාවක් (ඇඩෝබි ඉලස්ට්‍රේටර්) ආරම්භ කරන ලදී.

මෙම පරිඝණක විද්‍යාගාරය ඉදිකිරීම සඳහා දායකත්වය දැක්වූ විද්‍යුත් සහ සිවිල් ඉංජිනේරු අංශයට ගුවන් හමුදා මූලස්ථානයේ පාඨමාලාවේ සමාරම්භක උත්සවය අමතමින් කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද වික්‍රමරත්න විසින් ස්තුති කිරීමද සිදු කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි