අංක 01 ගුවන් ආරක්ෂණ රේඩාර් බලඝණය සිය 9 වන සංවත්සරය සමරයි
12:49pm on Saturday 28th March 2015
කටුනායක ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති අංක 01 ගුවන් ආරක්ෂණ රෝඩාර් බලඝණය සිය නවවන (09) සංවත්සරය පසුගිය මාර්තු මස 10 වන දින සමරන ලදී.


සංවත්සර දින වැඩ පෙළපාලිය එදින උදෑසන බලඝණ පරිශ්‍රයේදී පවත්වන ලදී. බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේසී සේරසිංහ ගේ ප්‍රධානත්වයෙන් සියළුම නිළධාරීන් සහ සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් සංවත්සර දිනය සමරමින් මාර්තු මස 09 වන දින කටුනායක වලාන ශ්‍රී ලක්ෂ්මි ළමා නිවාසයේ දන්ත සායනයක් කටුනායක ගුවන් හමුදා කඳවුරු දන්ත වෛද්‍ය ඒකකයේ සහයෝගයෙන් පවත්වන ලදී. අනතුරුව එහි දරුවන් වෙනුවෙන් රාත්‍රී ආහාරය සහ ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කිරන ලදී.

 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි