චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වාර්ෂික පිරිත් සජ්ජායනය
1:04pm on Saturday 28th March 2015
චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය මගින් වාර්ෂිකව සිදු කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාව පසුගිය මාර්තු මස 13 සහ 14 යන දිනයන්හිදී පීඨාධිපති එයාර් කොමඩෝර් සාගර කොටකදෙණියගේ මගිපෙන්වීම මත සිදු කරන ලදි.

පිරිත් සජ්ජායනාවේ සහ දානමය පුණ්‍යකර්මයේ ආගමික වතාවත් සිදු කිරීම උතුරු නැගෙනහිර සහ සමන්කඩුව ප්‍රධාන සංඝනායක සහචීන වරාය ශ්‍රී බොධිරාජාරාම විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය  දෙහිඕවිට පියතිස්ස හිමිපාණන් විසින් සිදු කරන ලදි.

පිරිත් සජ්ජායනාව ඉතාමත් අලංකාරව ආරම්භ රන ලද අතර එහිදී ගුවන් හමුදාධිපතිතුමන්, දේශයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්, ආබාධිත රණවිරුවන්, ගුවන් හමුදාවේ දැනට සේවයේ යෙදී සිටින සාමාජික සාමාජිකාවන්, ගුවන් හමුදාවේ විශ්‍රාමික ගුවන් හමුදා සාමාජික සමාජිකාවන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට සෙත් පැතීමද සිදු කරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි