අංක 06 හෙලිකොප්ටර් බලඝණය සිය 22 වන සංවත්සරය සමරයි
1:14pm on Saturday 28th March 2015
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති අංක 06 හෙලිකොප්ටර් බලඝණය සිය 22 වන සංවත්සරය පසුගිය මාර්තු මස 15 වන දින සමරන ලදී.

සංවත්සර දින වැඩ පෙළපාලියෙන් අනතුරුව පිරිත් සජ්ජායනාවක් සහ ආගමික වතාවත් සිදු කරන ලද අතර බලඝණ සාමාජික සමාජිකාවන්ගේ පවුල්වල සමාමාජික සාමාජිකාවන් සඳහා දිවා ආහාරය ලබා දීම කඳවුරු ක්‍රීඩාංගනයේදී සිදු කරන ලදී.සංවත්සරයට සමගාමීව අනුරාධපුර රෝහලේදී මාර්තු මස 06 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර එහිදී 142 දෙනෙකු ලේ දන්දීම සිදු කරන ලදි. මාර්තු මස 14 වන දින ජය ශ්‍රී මහා බෝධියට ආගමික වතාවත් සිදු කරන ලද අතර රුවන්වැලි මහා සෑය ඉදිරිපිට දන්සැලක්ද පවත්වන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි