මුලතිවු ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
1:20pm on Saturday 28th March 2015
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගිය මාර්තු මස 19 වන දින මුලතිවු ගුවන් හමුදා කඳවුරේ තම වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.

මුලතිවු ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ටීඑම්ඒබී මයුරවාසල විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර වෙත පිළිගනු ලැබූ අතර මාර්ග පෙල ඛණ්ඩය සඳහා ෆ්ලයිං ඔෆිසර් එන්කේ තිලකරත්න විසින් අණදෙන ලදි.

කඳවුරේ අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවස්නය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදි.

පරීක්ෂනය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිලයන් සහ සිවිල් සේවකයින් අමතන ලද අතර එහිදී වාර්ෂික ගුවන් හමුදාධිපති පරීක්ෂණය වෙනුවෙන් කඳවුරු පරිශ්‍රය සූදානම් කිරීම පිළිබඳව ප්‍රශංසා කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි