ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තුන්වන අංගම්පොර පුහුණු කණ්ඩායම තම පුහුණුව අරඹයි
1:25pm on Saturday 28th March 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රෙජිමේන්තු විශේෂ බලකාය සහ  විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයේ සාමාජිකයින් සඳහා පවත්වනු ලබන අංගම්පොර පුහුණු පාඨමාලාවන්හි තුන්වන කණ්ඩායමේ පුහුනුවීම් පසුගිය මාර්තු මස 18 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ කරන ලදී.

මේ සඳහා රෙජිමේන්තු විශේෂ බලකායෙන් 30 දෙනෙකුද විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයේ සාමාජිකයින් 10 දෙනෙකුද මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි. පාඨමාලාව මාස හයක කාලයක් පුරාවට පවත්වනු ලබයි.

මෙම පාඨමාලාව ගුවන් හමුදාධිපතිතුමන්ගේ සහ ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ අණුදැනුම මත රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබයි.

ගුවන් හමුදා අංගම්පොර සංචිත‍යේ සභාපති එයාර් කොමඩෝර් සීබී ලැබ්රෝයි, ලේකම් විංග් කමාන්ඩර් පීකේඩීඑන්එස් පිටිගල, සහකාර ලේකම් ස්කොඩ්රන් ලීඩර් නන්දකුමාර, කළමණාකරු සැරයන් ලක්ප්‍රිය සහ පුහුණුකරු කොරතොට අංගෙ මැඩිල්ල රණපිල දොස්තර අජන්ත මහන්තාරච්චි මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි