ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය 2015
1:37pm on Saturday 28th March 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්  විසින් සංවිධානය කරනු ලබන ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය පසුගිය මාර්තු මස 22 වන දින ත්‍රිකුණාමළය, චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් හිදී පවත්වන ලදී.

මෙම තරඟාවළිය සඳහා තරඟකරුවන් 60 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූහ. 2015 ගුවන් හමුදාධිපති කුසලානශූරතාවය දිනාගැනීමට කෙන් ද අල්විස් මහතා සමත් වූ අතර ඔහු ප්‍රසාද ලකුණු 26 ක් ලබාගන්නා ලදී. කාන්තා අංශයේ ශූරතාවය ප්‍රසාද ලකුණු 35 ක් ලබාගත් සුවනීතා සෙල්වරත්නම් මහත්මිය විසින් දිනාගන්නා ලදී. නිහාල් පෙරේරා මහතා පිරිමි අංශයේ දෙවන ස්ථානය දිනා ගනු ලැබූ අතර ආනන්ද ජයසේකර මහතා සහ නිමල් වෙත්තමුනි මහතා පිළිවෙලින් දිගම ගොල්ෆ් පහර සහ ආසන්නතම පහර හිමි ත්‍යාගයන්ට හිමිකම් කියන ලදි.කාන්තා අංශයේ දිගම ගොල්ෆ් පහර සහ ආසන්නතම පහර හිමි ත්‍යාගයන්ට හිමිකම් කියන්නට පිළිවෙලින් සුමුදු දේසිංහ මහත්මිය සහ ෂෙරොන් මහත්මිය දිනාගන්නා ලදි.

එදින සන්ධ්‍යාවේදී ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් ගොල්ෆ් ක්‍රීඩාංගණයේ පිහිටි බේ වීව් නිකේතනයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග සහ කුසලාන පුදානය සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෝල්ෆ් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේවීබී ජයම්පති, ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ආර් ජේ පතිරගේ, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩොර් එස් කේ පතිරණ සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යෘපීඨයේ පීඨාධිපති එායර් කොමඩෝර් සාගර කොටකදෙණිය ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි