වව්නියාව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
2:18pm on Friday 17th April 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගිය අප්‍රේල් මස 02 වන දින වව්නියාව ගුවන් හමුදා කඳවුරේ සිය වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදී. කඳවුර වෙතට ගුවන් හමුදාධිපතිතුමන් පිළිගැනීම කඳවුරු අණදෙණ නිළධාරී එයාර් කොමඩොර් කපිල වනිගසූරිය විසින් සිදුකරන ලදී.

කඳවුරු පරීක්ෂණයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් අංක 111 නියමුවන් රහිත ගුවන් යානා බලඝණය, අංක 2 ගුවන් ආරක්ෂණ රේඩාර් බළඝණය, අංක 23 රෙජිමේන්තු පක්ෂාංගය, අංක 61 බුද්ධි අංශ පක්ෂාංගය සහ මාමඩුව පහිනාංකය ඇතුළුව සමස්ථ කඳවුරු පරිශ්‍රයම තම පරීක්ෂණයට භාජනය කරන ලදී. මෙහිදී බලපන්ති සැරයන් ජයවර්ධන ජීඩීඑල් (මෙහෙයුම් භූමි), ඒඑල් සමරනායක මහතා සහ ආර්ආර් රණවීර මහතා ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක් කෙරිණි.

කඳවුරු පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියළුම නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදි.



  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි