බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයන් සඳහා වූ පුහුණු පාඨමාලාව
2:24pm on Friday 17th April 2015
බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයින් සඳහා වූ ගොඩබිම් ආරක්ෂණ හා ගුවන් කඳවුරු ආරක්ෂණ ප්‍රවීණතා පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය මාර්තු මස 31 වන දින දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ පුධානත්වයෙන් පවත්වන ලදි.

ජනවාරි මස 26 වන දින ආරම්බ කරන ලද මෙම පාඨමාලාව ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂකයේ අධීක්ෂණය යටතේ දියතලාව ගුවන් හමුදා පුහුණු පාසලේ මෙහෙවීමෙන් සිදු කරන ලදී.

මෙම පාඨමාලාව හැදෑරීම සඳහා බංගලාදේශ ගුවන් හමුදාවේ නිළධාරීන 4 ක් සහ සෙසු නිළයන් 06 ක් සහභාගී වූ අතර අවි පුහුණුව, ගොඩබිම් සටන් පුහුණුව, ගොඩබිම් ආරක්ෂණ හා කඳවුරු අාරක්ෂණ යාන්ත්‍රණය, බුද්ධිඅංශ පුහුණුව, ඇතුළු විෂය ක්ෂේත්‍ර ගණනාවක් යටතේ පුහුණුව ලබා දෙන ලදී.

නිළධාරී අණදෙන පුහුණු, ප්‍රධාන උපදේශක, උපදේශකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි