කටුනායක ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්ෂාංගය සිය 57 වන සංවත්සරය සමරයි
2:26pm on Friday 17th April 2015
කටුනායක ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්ෂාංගය සිය 57 වන සංවත්සරය පසුගිය අප්‍රේල් මස 01 වන දින සමරන ලදී.

ගුව්න හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ආර්ජේ පතිරගේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ආගමික වතාවත් වලින් අනතුරුව අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් එච්යූ විජයවීරගේ අනුදැනුම මත තේපැන් සංග්‍රහයක් සූදානම් කොට තිබිණි.

සංවත්සර දිනයට සමගාමීව කටාන සරණී අනාථ නිවාසයේ හ්‍රමදාන ව්‍යාපාරයක් පක්ෂාංග සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි