ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිංහල හිංදු අළුත් අවුරුද්ද සමරයි
2:36pm on Friday 17th April 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිංහල හිංදු අළුත් අවුරුද්ද සමරමින් අවුරුදු උත්සවය ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී අප්‍රේල් මස 9 වන දින පවත්වන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම අවුරුදු උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් ආරම්භ කරන ලදී.

මෙහිදී කණා මුට්ටිය බිඳීම්, කොට්ටා පොර තරඟය ආදී ජන ක්‍රීඩා රැසක් මෙහිදී පවත්වන ලදි. එසේම ලාංකීය ගැමි  ස්වරූපය විදහා දක්වමින් ගුවන් හමුදා සාමාජිකයින් තම නිළ ඇඳුම පසෙකලා ගැමි ඇඳුමින් සැරසී උත්සවය අලංකාර කරන ලදි. මෙහිදී අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීම කාගේත් සිත් ගත් අංගයක් විය. එහිදී ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ලබාදීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදි.

ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



CLICK HERE FOR MORE

SLAF Station Palavi


SLAF Base Katunayake


SLAF Station Wirawila


SLAF Base Ratmalana


CLICK HERE FOR MORE


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි