අංක 47 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව විසිර යයි
2:38pm on Friday 17th April 2015
අංක 47 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසල් ශ්‍රවණාගාරයේදී පසුගිය අප්‍රේල් මස 06 වන දින පවත්වන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් හා ෆ්ලයිට් ලෙෆ්ටිනන් නිළයේ නිළධාරීන් 19 දෙනෙකු ත්, නාවික හමුදාවේ ලෙෆ්ටිනන් කමාන්ඩර් නිළයේ නිළධාරීන් 04 දෙනෙකුත් සහ බංගලාදේශ ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ටිනන් නිළයේ නිළධාරීන් 1 අයෙකුත් පාඨමාලාව හදාරන ලදී.

සති 14 ක පමණ කාලයක් වූ මෙම පාඨමාලාව මගින් ගුවන් හමුදාවේ නිළධාරීව‍රයෙකු වශයෙන් තම කාර්යය නිසි පරිදි ඉටුකිරීමට අවශ්‍ය දැනුම ලබාදීම සිදු කරනු ලබයි. මෙහිදී සේවා දැනුමට අමතරව ඉංග්‍රීසි සහ පරිගණක දැනුම, කථන හැකියාවන් පරීක්ෂණය, විවිධ බාහිර ආයතන වෙත අධ්‍යාපනික සංචාර, ක්‍රීඩා හා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පාඨමාලාවට ඇතුලත් වෙයි.

2015 ජනවාරි මස 05 වන දින සිට 2015 අප්‍රේල් මස 06 වන දින දක්වා පැවති මෙම පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ නිළධාරියා වශයෙන් ෆ්ලයිට් ලෙෆ්ටිනන් අයිඒකේඩීපී  ඉලංගකෝන් සම්මාන හිමිකර ලබා ගන්නා ලදී.

ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සීපී වැලිකල ප්‍රධාන ආාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි