අංක 12 ආපදා කළමණාකරණ සහ වනගත ආරක්ෂණ මූලික පාඨමාලාව විසිරයයි
2:46pm on Friday 17th April 2015
අංක 12 ආපදා කළමණාකරණ සහ වනගත ආරක්ෂණ මූලික පාඨමාලාවේ විසිරයාම පසුගිය අප්‍රේල් මස 10 වන දින මුලතිවු ගුවන් හමුදා කඳවුරේ ආපදා කළමණාකරණ පුහුනු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදී.  පාඨමාලාව 2015 මාර්තු මස 2 වන දින සිට අප්‍රේල් මස 10 වන දින දක්වා ගිනි නිවීමේ භටයින් සහ මෙහෙයුම් භූමි වෘත්තීන්හි ගුවන් භටයින් 50 දෙනෙකුගෙන් සමන්විතව පවත්වන ලදි.

මෙහිදී දක්ෂතම ශිෂ්‍යයා ලෙස 22478 සැරයන් රාජකරුණා ආර් සම්මාන දිනා ගන්නා ලදි.

කඳවුරු අණෙදන නිළධාරී විංග් කමාන්ඩර් ටීඒම්ඒබී මයුරවාසල ප්‍රධාන ආරාධීත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ආපදා කළමණාකරණ පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධා‍න උපදේශක ස්කොඩ්රන් ලීඩර් එම්එම්පීඑම් මාරසිංහ ඇතුළු සියළුම උපදේශකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි