ගගන විරු සවිය ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන 2015
8:12am on Thursday 7th May 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද ගගන විරු සවිය ශිෂ්‍යත්ව  ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය අප්‍රේල් මස 20 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී. මෙහිදී ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සමත් ග=වන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදි.

දරු දැරියන් 200 කට පමණ මෙවර ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලද අතර  ශිෂ්‍යත්ව විභාගයෙන්, සාමාන්‍ය පෙළ විභාගයෙන් සහ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ දැක්වූ දරු දැරියන් 13 දෙනෙකු වෙනුවෙන් විශේෂ ශිෂ්‍යත්ව13 ප්‍රදානය කරන ලදී.

ගුවන් හමුදා‍ සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූ අතර ඒකල  ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ටීඒඩීආර් සේනානායක , සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් සහ ශිෂ්‍යත්ව ලාභීන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි