අංක 48 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
2:54pm on Thursday 7th May 2015
අංක 48 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව පසුගිය අප්‍රෙල් මස 27 වන දිනචීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරමභ කෙරිණි. අණදෙන නිළධාරී එයාර් කොමඩොර් ජනක් වනිගතුංග නියෝජනය කරමින් ප්‍රධාන උපදේෂක විංග් කමාන්ඩර් ඩබ්ඒඑස්බී වීරසේකර විසින් ආරම්භක දින වැඩසටහන මෙහෙයවන ලදි.  ආරම්භක වැඩසටහන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසල් ශ්‍රවණාගාර‍යේදී උදෑසන 10.30 ට පවත්වන ලදි.

මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් නිළයේ නිළධාරීන් 18 දෙනෙකුත් නාවික හමුදාවේ ලෙෆ්ටිනන් කමාන්ඩර් සහ ලෙෆ්ටිනන් නිළයේ නිළධාරීන් 04 දෙනෙකුත් සහ බංගලාදේශ  ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ටිනන් නිළයේ නීධාරීන් 01 අයෙකුත් සහභාගී වේ. පාඨමාලාව අප්‍රේල් මස 27 වන දින සිට අගෝස්තු මස 03 වන දින දක්වා සති 14 ක කාලයක් පවත්වනු ලබයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි