‍ගෝල්ෆ් ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී
3:00pm on Thursday 7th May 2015
ගෝල්ෆ් ක්‍රීඩාව පිලිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය අප්‍රේල් මස 30 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු  පාම් ග්‍රෝව් මිනි ගෝල්ෆ්  පිටියේදී පවත්වන ලදි. කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එසකේ පතිරණ ගේ අනු දැනුම මත පවත්වනු ලැබූ මෙම වැඩමුළුව ගෝල්‍ෆ් ක්‍රීඩාව ගුවන් හමුදාව තුළ වැඩිදියණු කිරීමත් ගුවන් හමුදාවේ නිළධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් හට  ගෝල්ෆ් ක්‍රීඩාව පිළිබඳ දැනුම හා පළපුරුද්ද ඇති කිරීම අරමුණු කොට‍ෙ ගන පපවත්වන ලදි.

සියළුම ක්‍රියාකාරකම් අළුතින් පැමිණි සාමාජික සාමාජිකාවන් උදෙසා පවත්වනු ලැබූ අතර  පාම් ග්‍රෝව් මිනි ගෝල්ෆ් පිටියේ ලාංඡනය සහිත ටී-ෂර්ට් සහ කැප් සමරු සටහන් ලෙස ලබා දෙන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි