මිනුස්කාහි එකසත් ජාතීන්ගේ සාමා සාධක හමුදාවේ පදක්කම් ප්‍රදානය කිරීම
3:23pm on Thursday 21st May 2015
මිනුස්කා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකයේ පදක්කම් ප්‍රදානය කිරීමේ අත්සවයක් පසුගිය අප්‍රෙල් මස 10 වන දින පවත්වන ලදි. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසවය් වැදගත් සංධිස්ථානයක් වන අතර මෙම අවස්ථාව සඳහා මිනුස්කාහි හමුදා ප්‍රධානී ෙම්ජර් ෙජනරාල් මා(ර්)ටින් චෝමු ටුමෙන්ටා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. එසේම මෙම ‍ඓතිහාසික අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල ද සහභාගී විය.

මෙම පදක්කම පුදානය කෙරෙන්නේ මිනුස්කාහි දින 90 ක් හෝ ඊට වැඩියෙන් සේවය කරන ලද හමුදා සාමාජික සාමාජිකාවන්ට වෙයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා බල ඇණියක් එක්සත් ජාතීන්ගේ සාමා සාධක හමුදාවට එක්ව සෙවය කරනු ලබන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වන අතර මෙවැනි පදක්කම් ප්‍රදානයක් සිදු කරනු ලබන්නේද ඉතිහාසයේ පුථම වතාවට වෙයි.

මෙම ගුවන් යානා බල ඇණිය 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ අතර එම්අයි 17 වර්ග‍යේ හෙලිකොප්ටර් යානා මෙම බලඇණයට අයත් වෙයි. මෙහිදී මූලික කාර්යය ලෙස ගොඩබිම් බලඇණි සඳහා සහය දැක්වීම,  ප්‍රවාහන මෙහෙයුම් දියත් කිරීම ආදිය සිදු කරනු ලබයි. එසේම විශේෂ අමුත්තන් ප්‍රවාහනය කිරීමද ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා බල ඇණිය විසින් සිදු කරනු ලබන අතර විශේෂයෙන්ම මධ්‍යම අප්‍රිකාවේ අතිගරු ජනාධිපතිනී කැතරින් සම්බා-පැන්සා මහත්මියට ගුවන් ප්‍රවාහන කටයුතු සැලසීමද  සිදුකරනු ලබයි.

එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා බල ඇණිය විසින් වෛද්‍ය සේවාවන් සහ වෛද්‍ය උපකරණ ප්‍රවාහනය, තුවාලකරුවන් ප්‍රවාහනය කිරීම ද සිදු කරනු ලබයි. මේ වන විට හ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා බල ඇණිය පියාසර පැය 550 ක පමණ මෙහෙයුම් ප්‍රමාණයක් දියත් කොට ඇත. එසේම මගීන් 2500 ක් සහ කිලො ග්‍රෑම් 56000 ක් පමණ ප්‍රවාහණය කොට ඇත.

ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදා බල ඇණිය මෙහෙයුම් ගණනාවක් දියත් කොට ඇති අතර කඳවුර පිහිටි  නගරය ආශ්‍රිතව ජලය බෙදා හැරීමද සිදු කරනු ලබයි. එසේම ඉතාමත් දක්ෂ සහ පළපුරුදු ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ගිනි නිවාරණ වාහන හැසිරවීමද සිදු කරනු ලබයි.

1960 වසරේ සිට ශ්‍රී ලංකා හමුදා සෙබළුන් එක්සත් ජාතීන්ගේ සාමා සාධක හමුදාවට අනුයුක්තව සේවයේ යෙදවීම සිදු කරනු ලබන අතර 2000 වසරේ සිට මේ දක්වා යුධ හමුදා සෙබළුන් 12210 ක්ද නාවික හමුදා භටයින් 600 ක්ද ගුවන් හමුදා භටයින් 610 ක්ද ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයින් 572 නෙ‍කු එක්සත් ජාතීන්ගේ සාමා සාධක හමුදාවට අනුයුක්ත වි ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බල ඇණිය සාම සාධක හමුදාවට අනුයුක්ත වී තම කාර්යය ඉතාමත් සාර්ථකව ඉටු කරනු ලබන අතර එමගින් ශ්‍රී ලංකා නාමය එක්සත් ජාතීන් අතර ප්‍රචලිත කිරීමටද දායකත්වය සපයා තිබේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි