අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය 2015
9:03am on Monday 25th May 2015
2015 අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය පසුගිය මැයි මස 14 වෙනි දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදි ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිරිමි සහ කාන්තා ශූරතාවයන් ද්විත්වයම දිනාගැනීමට සමත්කම් දක්වන ලදී.

පිරිමි අවසන් මහා තරඟයේදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කොළඹ ගුවන් හමුදා කඳවුර පරාජය කරන ලද අතර කාන්තා තරඟයේදි ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර පරාජය කරන ලදි.

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා අත්පන්දු සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ජේ ඒ නානායක්කාර, ගුවන් හමුදා නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි