රණවිරු අනුස්මරණ පෙළපාලිය 2015
9:02am on Thursday 11th June 2015
රණවිරු අනුස්මරණ පෙළපාලිය මෙවර නැවුම් මුහුණුවරකින් යුතුව පවත්වන ලදී. මූලස්ථාන බලඝණය,  මෙහෙයුම් බලඝණය සහ යාන්ත්‍රික බලඝණය වශයෙන් කොටස් තුනකින් යුක්ත විය.

මෙහිදී ගුවන් හමුදා වර්ණ බඝළණය උත්තමාචාර පෙළපාලියට සහ බලඝණයන් තුන නියෝජනය කරමින් ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් සහභාගී වූහ.

එසේම ගුවන් හමුදා අභිමානය පෙළපාලියට එක්කරමින් ගුවන් යානා රැසක්ද පෙළපාලියට එක්විය. බෙල් 212 හෙලිකොප්ටර් යානා එකක්, බෙල් 412 හෙලිකොප්ටර් යානා තුනක්, එම් අයි 17 හෙලිකොප්ටර් යානා හතරක්, වයි 12 ගුවන් යානා හතරක්, එම්ඒ 60 ගුවන් යානා දෙකක්, සී 130 හර්කියුලිස් ගුවන් යානා එකක්, ඒ එන් 32 ගුවන් යානා එකක්, එෆ් 7 පුහාරක ගුවන් යානා දෙකක් සහ කෆීර් පුහාරක ගුවන් යානා දෙකක් සංදර්ශනයේ නිරත විය.

එසේම ගුවන් හමුදාවේ ගුවන් යානා සහ අවි ආයුධ ස හා භාවිතා කරන මිසයිල, බෝම්බ සහ වෙඩි උණ්ඩ සංදර්ශනයේ යොදවනු ලද අතර එසේම ගුවන් හමුදාවේ රේඩාර් යන්ත්‍ර, ගුවන් ආරක්ෂණ අවි ආයුධ, නියමුවන් රහිත යානාවන්, ගුවන් හමුදා සුනඛ කණ්ඩායම, බෝම්බ නිශ්ක්‍රීය අංශය පෙළපාලියේ ගමන් ගන්නා ලදී.

මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සමස්ථ පෙළපාලියේ අණදෙන්නා වශයෙන් කටයුතු කරන ලද අතර ගුවන් හමුදා පෙළපාලිය ස හා වව්නියාව ගුවන් හමුදා ක වුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් කපිල වනිගසූරිය කටයුතු කරන ලදී.

එසේම මෙහිදී ත්‍රිවිධ හමුදා පැරෂුට් කණ්ඩායම් විසින් පැරෂුට් සංදර්ශනයක්ද ඉදිරිපත් කරන ලද අතර එහිදී ගුවන් හමුදාවේ කාන්තා පැරෂුට් භටයින් දෙදෙනෙක්ද පැනීම් සිදු කරන ලදී. මෙහිදී ඒකොඩ්රන් ලීඩර් සම්පත් පියසුන්දර පැනීම් මෙහෙයවන ලද අතර අඩි පන්දහසක් පමණ උසක සිට ගුවන් හමුදාවේ එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවකින් මෙම පැනීම් සිදු කරන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙළපාලිය අමතමින් ත%ස්ථවාදයෙන් දේශය මුදවා ගැනීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවන්ට සුභ පතන ලදී.

ආගමික පූජක උතුමන්, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක චමල් රාජපක්ෂ මහතා, කැබිනට් අමාත්‍යවරැන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අගවිනිසුරැතුමන්, ජනාධිපති ලේකම්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිතුමන්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පතිතුමන්, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය, තානාපතිවරුන්, ජ්‍යේෂ්ඨ ත්‍රිවිධ හමුදා නිළධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.




 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි