යුධ විරුවන් සමරයි
9:04am on Thursday 11th June 2015
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දේශයට සාමය උදාකරලීමේදී දිවි පිදූ අභීත රණවිරුවන් සැමරීම පසුගිය මැයි මස 20 වන දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසල රණවිරු අනුස්මරණ ස්මාරකය ‍අසල සිදු කරන ලදී. රණවිරු සේවා අධිකාරිය විසින් සැමරුම් උළෙල සංවිධානය කරන ලදී.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆන්සේකා මහත්මිය විසින් පිළිගැනීමේ කථාව සිදු කරන ලදී. ඉන් අනතුරුව දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩියක නිශ්ෂබ්දතාවයක් පවත්වන ලදී. අනතුරැව දිවිපිදූ සහ දැනට සේවයේ යෙදී සිටින රණවිරුවන්ට සෙත් පතා සියළු ආගමික වතාවන් සිදු කරන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රණවිරැවන් අනුස්මරණය කරමින් මල් කළඹක් තැන්පත් කරන ලද අතර අනතුරුව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඒ ඩබ්ජේ සී ද සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලකසහ පොලිස්පති එන් කේ ඉලංගකෝන් යන මහත්වරුන්ද මල් කළඹ තැන්පත් කිරීම සිදු කරන ලදී.

සැමරුම් උත්සවය අවසන් කරමින් දිවිපිදූ රණවිරැවන් සිහිකරමින් උත්තමාචාර පිදීමක් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි