අංක 05 ගුවන් ආරක්ෂන රේඩාර් බළඝණය සිය අටවන සංවත්සරය සමරයි
9:10am on Thursday 11th June 2015
අංක 05 ගුවන් ආරක්ෂණ රේඩාර් බලඝණය පසුගිය මැයි මස 24 වන දින සිය 8 වන සංවත්සරය සමරන ලදී. 2007 වසරේ පාලවිය කඳවුරේදී ආර්භ කරන ලද මෙම බලඝණය විසින් ශ්‍රී ලාංකීය ගුවන් තලය සුරැකීමේ කාර්ය භාරයෙහි ලා අපරිමිත සේවයක් ඉටුකරනු ලබයි.

අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් ඊසීඒ ජයසුන්දර ගේ අණුදැනුම මත සංවත්සර දින වැසටහන් පවත්වන ලදී. සංවත්සර දින පෙළපාලිය පැවැත්වීමෙන් අනතුරුව ඒල්ලේ තරඟාවළියක් පවත්වන ලද අතර කඳවුරේ සියළු නිළයන් මේ සඳහා සහභාගී වූහ. මෙහි ආරාධිත අමුත්තා වශයෙන් පාලවිය කඳවුරේ වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් පීජීබී මැදගේවත්ත සහභාගී විය.

අනතුරුව ආඩිගම ලංකා බෘක් ළමානිවාසයට රා.ත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී. ත්‍යාග ලබාදීමක්ද මෙහිදී සිදු කරන ලද අතර කැලිප්සෝ සංගීතයෙන්ද ළමුන් පිනවීම සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි