අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය ගෝලඩන් ජුබිලි සංවත්සරය සමරයි
4:23pm on Sunday 14th June 2015
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය ගෝලඩන් ජුබිලි සංවත්සරය පසුගිය ජූනි මස 01 වන දින සමරන ලදී. මැයි මස 30 වන දින පවත්වන ලද ශ්‍රමදාන ව්‍යාපාරයෙන් සංවත්සර සැමරැම ආරම්භ කරන ලද අතර සංවත්සර දින වැඩ පෙළපාලියෙන් සංවත්සර දින සැමරැම් වැඩසටහන ආරම්භ කරන ලදී.

අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම්ඒඑස්කේ මහීපාල වැඩ පෙළපාලිය නිරීක්ෂණය කරන ලද අතර අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලඝණය විශේෂ සංධිස්ථානයක් පසකරනු ලබන බවත් මෙතෙක් කාලයක් වසර 50 ක් පුරාවට දේශය වෙනුවෙන් බලලඝනයේ සාමාජික සාමාජිකාවන් දැක්වූ දායකත්වය අණදෙන නිළධාරීතුමන් විසින් ඇගයීමට ලක්කෙරිණි. 1965 වර්ෂයේදී ඩ්‍රැගන්ෆ්ලයි හෙලිකොප්ටර් යානයකින් ආරම්භ කරන ලද මෙම බළඝණය අද වන විට බෙල් 412 සහ එම්අයි 17 භාවිතා කරනු ලබයි.

වැඩ පෙළපාලියෙන් අනතුරුව ගෝල්ඩන් ජුබිලි සංවත්සරය සමරමින් බලඝණ පරිශ්‍රයේ නා ගසක් රෝපණය කිරීමද අණදෙන නිළධාරීතුමන් විසින් සිදු කරන ලදී. අවසානයේ සංගීත සංදර්ශනයක්ද පවත්වන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ මෙම අවස්ථාවට සහභාගී වූ අතර අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්ඒඑස්කේ මහීපාල, ගුවන් නියමුවන්, ඉංජිනේරු නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ‍ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි