ගුවන් හමුදා විවෘත බැඩ්මින්ටන් තරඟාවළිය 2015
7:22pm on Wednesday 17th June 2015
ගුවන් හමුදා බැඩ්මින්ටන් තරඟ ඉතිහාසයේ පළමු වතාවට පවත්වනු ලැබූ ගුවන් හමුදා විවෘත බැඩ්මින්ටන් තරඟාවළිය තරඟකරුවන් තරඟකාරියන් 300 කගේ සහභාගීත්වයෙන් තුම්මුල්ල, ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී පසුගිය ජූනි මස 14 වන දින අති සාර්ථක අන්දමින් නිමාවට පත්විය.

ජූනි මස 10වන දින ආරම්භ වූ තරඟාවළිය ඉතා උද්වේගකර මෙන්ම තරඟකාරීත්වයකින් ද යුක්ත වූ අතර ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වය එම තරඟකාරීත්වය වඩාත් ඔප් නංවන්නට සමත් විය. තරඟාවළියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට රු. 400,000.00 ක පමණ ත්‍යාග මුදලක් හිමිවිය.

නිලුක කරුණාරත්න සහ අචිනි රත්නසිරි පිළිවෙලින් පිරිමි සහ කාන්තා විවෘත ශූරතාවයට හිමිකම් කියන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා

අධ්‍යක‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා බැඩ්මින්ටන් සභාපති ගෘෘප් කැප්ටන් ආර් සේනානායක, ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප්‍රසන්න පායෝ සහ ගුවන් හමුදා නිළධාරීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

තරඟාවළියේ ප්‍රථීපල සටහන,

පිරිමි විවෘත කේවල
ශූරතාවය - නිලුක කරුණාරත්න
අනු ශූරතාවය - දිනූක කරුණාරත්න

කාන්තා විවෘත කේවල
ශූරතාවය - අචිනි රත්නසිරි
අනු ශූරතාවය - කවිදි ඉෂාදිකා

පිරිමි විවෘත යුගල
ශූරතාවය - නිලුක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න
අනු ශූරතාවය - හසිත චානක සහ රජිත් දහනායක

කාන්තා විවෘත යුගල
ශූරතාවය - කවිදි ඉෂාදිකා සහ ඕෂදී කුරුප්පු
අනු ශූරතාවය - අචිනි රත්නසිරි සහ උපුලි වීරසිංහ

මිශ්‍ර විවෘත යුගල
ශූරතාවය - දිනූක කරුණාරත්න සහ ඕෂදී කුරුප්පු
අනු ශූරතාවය - හසිත චානක සහ කවිදි ඉෂාදිකා

පිරිමි ප්‍රවීණ කේවල
ශූරතාවය - උපේන්ද්‍ර ජයවර්ධන
අනු ශූරතාවය - සුභාෂ් ජානක

කාන්තා ප්‍රවීණ කේවල
ශූරතාවය - ඉනෝකා ජයලත්
අනු ශූරතාවය - අනූෂා සේනාරත්න

පිරිමි ප්‍රවීණ යුගල
ශූරතාවය - උපේන්ද්‍ර ජයවර්ධන සහ සුභාෂ් ජානක
අනු ශූරතාවය - නිහාල් අමරසේන සහ ජානක ගමගේ

කාන්තා ප්‍රවීණ යුගල
ශූරතාවය - ලක්ෂ්මි පුංචිහේවා සහ ඉනෝකා රුහුණුආරච්චි
අනු ශූරතාවය - ඉනෝකා ජයලත් සහ තුෂාරි බ්‍රාහ්ක්මනගේ


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි