ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ වාර්ෂික පරීක‍ෂණය 2015
6:21am on Saturday 4th July 2015
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් අද දින (02) ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ වාර්ෂික පරීක‍ෂණය සිදු කරන ලදි.

චීන වරාය විද්‍යාපීඨ කදවුරේ පිඨාධිපති එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් කදවුරු පරිශ්‍රයට ගුවන් හමුදාපතිතුමා පිලිගන්නා ලදි.

කදවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි ගුවන් හමුදාපතිතුමන්ගේ පරීක‍ෂණය පැවැත් වූ අතර ගුවන් හමුදාව වෙනුවෙන් පසුගිය වර්ෂය තුල කල විශිෂ්ඨ සේවාව අගයමින් 13713 බලපන්ති සැරයන් කුලසේකර කේඑන්කේ, 25396 සැරයන් වලගෙදර ඩබි එන් අයි, 25929 සැරයන් අෙබිසිංහ එන් එචි එල් එචි 31686 කෝප්‍රල් රණසිංහ ආර් එමි ඒ එස් හා පී ටී අර්ෆත් යන සිවිල් මහතා යන අය ගුවන් හමුදාධිපති සමිමානයෙන් පිදුමි ලැබීය.

කදවුරේ සියලූම නිළයන්ගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රහය ගුවන් භට භෝජනාගාරයේදී පැවැත්වීමෙන් අනතුරුව අවසාන වශයෙන් ගුවන් හමුදාධිපතිතුමා සියලූ දෙනා අමතමින් කියා සිටියේ කදවුරේ සිදු කර ඇති සියලූ කාර්යයන් අගය කරන අතර මේ සදහා දායක වූ සියලූ දෙනාට ස්තුතිය ඵල කරන ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි