රාමසාන් උත්සව සැමරුමි වැඩසටහනක් ගුවන් හමුදා කටුනායක කදවුරේදී
8:54am on Thursday 9th July 2015
ගුවන් හමුදා සාමාජිකයින්ගේ එකමුතුභාවය හා ආගම් අතර සුසංයෝගය වැඩිකිරීමේ අදහසින් රාමසාන් උත්සවය සැමරුමි වැඩසටහනක් කටුනායක මූලික කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේදී 2015 ජුලිි මස 02 වන දා පැවැත්විණ.

ගුවන් හමුදාපතිතුමන් ඇතුලු සියලුම ගුවන් හමුදා සේවා පුද්ගලයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට දෙවියන්ගේ ආශර්වාදය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් මෙම විශිෂ්ඨ ආගමික උත්සවය සංවිධානය කර තිඛිණි.

මෙම උත්සව අවස්ථාව සඳහා මූලික කඳවුරු අණදෙන නිළධාරීතුමා ඒකකවල අණදෙන නිළධාරීන් කඳවුරේ සියලුම නිළධාරීන් සෙසු නිළයන් හා මුස්ලිමි සැදැහැවතුන් සහභාගී විය.
   
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි